Recent Posts Widget

කොරෝනා වසංගතයෙන් ශ්‍රී ලංකාවත්, ලෝකයත් ‌මුදාගැනීමේ අරමුණින් මෙවර වෙසක් සැමරිය යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරනවා.

ෆේස්බුක් සටහනක් තබමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ වසර දෙදහස් ගණනක් තිස්සේ ධර්මානුකූල ජීවිතයක් ගතකළ බෞද්ධයාට නිවසේ සිටම ආමිස පූජාවෙහි ද ප්‍රතිපත්ති පූජාවෙහි ද යෙදීමට තරම් ශික්ෂණයක් ඇති බවද සඳහන් කරමින්.

එසේම වෙසක් පොහොයදා පහනක් දල්වා සැරසිලි කර ආමිස පූජාවෙහි යෙදී චිත්ත ප්‍රීතිය වඩවා ගැනීම බෞද්ධයාට පුරුදු බව අග්‍රාමාත්‍යවරයා සිය ෆේස්බුක් පිටුවෙහි සඳහන් කර තිබුනේ සිය පවුලේ සාමාජිකයින්  සමග වෙසක් උත්සවය වෙනුවෙන් සූදානම් වන වීඩියෝ සටහනක්ද තබමින්.


යහලුවන්ටත් බලන්න Share කරන්න.

Post a Comment

Powered by Blogger.